අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා ලෙස උසස් කරයි

අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා ලෙස උත්ශේණිගත කිරීමට

අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා ලෙස උත්ශේණිගත කිරීමට

ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනූව, පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාදන වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර, මහ නගර සභා ලෙස පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මහ නගර සභා ලබා දී තිබේ.

ඒ අනුව අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගර ලෙස පවතින අම්පාර හා මන්නාරම නගර දෙකෙහි අපේක්ෂිත සංවර්ධන කාර්යයන් ඉටු කිරීම පහසු කිරීමට නගර සභා, මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *