නැගෙනහිර පළාතේ සියලුම ඝාතකාගාර සහ මස් අලෙවිසැල් සතියකට වසා තබන ලෙස නියෝගයක්

අක්ෂි රෝගය නිසා 5 ශ්‍රේණියේ පන්තියක් වසා දැමීමට පියවර
මඩකලපුව, අක්කරෙයිපත්තුව සහ කල්මුණේ මහ නගර සභා සීමාව තුළ පිහිටි සියලුම මස් අලෙවිසැල් සහ මස් කඩ (කුකුළු මස් කඩ හැර)(දෙසැම්බර් 12) ආරම්භ වී සතියක කාලයක් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
පසුගිය දින කිහිපයේ නැගෙනහිර පළාතේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ගවයින්, මී ගවයින්, එළුවන් රැසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කුකුළු මස් අලෙවිසැල් හැර අනෙකුත් සියලුම ඝාතකාගාර සහ මස් අලෙවිසැල් දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 18 දක්වා සතියක කාලයක් වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙලෙස නියෝග කර තිබෙනවා.