සහල් ආනයනය නතර කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ
සහල් ආනයනය නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන ඇත.
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පාර්ලිමේන්තුවේ දී හමුවූ අවස්ථාවක මෙම ඉල්ලීම කර ඇත.