රුපියල් කෝටි 40කට අධික කිලෝ 22ක රන් ආභරණ සහ රන් කුඩු තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 40කට අධික කිලෝ 22ක රන් ආභරණ සහ රන් කුඩු තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 40කට අධික කිලෝ 22ක රන් ආභරණ සහ රන් කුඩු තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 40ක අධික වටිනාකමින් යුත් කිලෝ 22ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයන්ගේ මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන්වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් ආලෝප කළ ඇඳුම් 30ක් භාරයට ගත් බව කී රේගුව මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ දැවැන්ත රත්තරන් වැටලීමක් බවද සඳහන් කළේය.

ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව චෙන්නායි නුවර සිට පැමිණි මගීන් සිවුදෙනෙක් පරීක්‍ෂා කළ බවත් ඉන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවත් රේගුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *