රටේ පවුල් 57ලක්ෂයෙන් 34ලක්ෂයක් ජීවත්වීමට රජයෙන් ආධාර ඉල්ලයි

රටේ පවුල් 57ලක්ෂයෙන් 34ලක්ෂයක් ජීවත්වීමට රජයෙන් ආධාර ඉල්ලයි

රටේ පවුල් 57ලක්ෂයෙන් 34ලක්ෂයක් ජීවත්වීමට රජයෙන් ආධාර ඉල්ලයි

රටේ පවුල් පනස් හත් ලක්ෂයෙන් තිස් හතර ලක්ෂයක් ජීවත් වීමට උදව් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 60.28ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ තොරතුරු අනාවරණය වූයේ බිම් මට්ටමේ සමීක්ෂණයකින් බවද සඳහන් කළේය.

මෙම ජනතාවට සල්ලි නැතැයි පවසමින් නිහඬව සිටීමට නොහැකි බවත් ඒ අය ජීවත් කළ යුතු බවත් සියඹලාපිටිය මහතා කීවේය.

එය රජයේ ප්‍රධාන වගකීමක් බවද හෙතෙම පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *