එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත වැඩි ඡන්දයෙන් සම්මතයි


මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 30 කින් පාර්ලිමේන්තුවේ දී (09) සංශෝධන සහිතව සම්මත විය.
පනත් කෙටුම්පත් වලට පක්ෂව ඡන්ද 82ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණි.
සමගි ජන බලවේගය පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු පනත් කෙටුම්පත් වලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය (08) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.