2021 වසර තුළ 76973 දෙනකු බන්ධනාගාර ගත වෙලා

2021 වසර තුළ 76973 දෙනකු බන්ධනාගාර ගත වෙලා

2021 වසර තුළ 76973 දෙනකු බන්ධනාගාර ගත වෙලා

2021 වසර තුළ අධිකරණ මගින් බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන්ගේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත්, එම පිරිස 76973 දෙනකු බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

බන්ධනාගාර ගත කළ මෙම පිරිසෙන් 62426 දෙනකු සැකකරුවන් බවත්, 14547 දෙනෙකු සිරකරුවන් බවට සංඛ්‍යා ලේඛන වල සඳහන් වන බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකානායක මහතා පැවසීය.

බන්ධනාගාර ගත මෙම පිරිසෙක් අවුරුදු 16 අඩු පිරිස 87 දෙනකු, 16-22 අතර 5983 දෙනකු, 22-30 අතර 18377 දෙනකු, 30-40 අතර 26134 දෙනකු, 40 -50 අතර 16541 දෙනකු, 50-60 අතර 7268 දෙනකු, 60-70 අතර 2147 දෙකු, 70ට වැඩි 436 දෙකු, සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම පිරිසෙන් 1 වසර සිට 8 වසර දක්වා අධ්‍යාපනය ලැබුවන් 51891 දෙනකු සිටින බවත්, අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස 17616 ද, උසස් පෙළ සමත් 5395 දෙනකු, උපාධීධාරීන් 349 දෙනකු සිටින බව චන්දන ඒකනායක මහතා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *