නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ඉඩම් බැංකුවක් සකස් කිරීමට යයි

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ඉඩම් බැංකුවක්

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ඉඩම් බැංකුවක්

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ඉහල වෙළෙඳපොළ වටිනාකමක් සහිත ඉඩම් හා ගොඩනැඟිලි අක්කර 1008ක් පමණ ඇතැයි අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත එවැනි ඉඩම් ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *