චීනයෙන් බිලියන 2ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට
ශ්‍රී ලංකාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ (06)වැනි දා කොළඹට ළගා වූ බව චීන තානාපති කාර්යාලය පැවසීය.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙට්‍රික්ටොන් 255 කට අධික බවත්ය.
චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.