රජයට රු. මි 16763ක් අහිමි කළ සීනි බදු වංචාවේ පරීක්ෂණ කඩිනම් කරන්න! – කෝපා කමිටු සභාපති

රජයට රු. මි 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන්න - කෝපා කමිටුවේ සභාපති

රජයට රු. මි 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන්න - කෝපා කමිටුවේ සභාපති

රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව කෝපා කමිටුවේ සභාපති සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා රජයේ ගිණුම් කාරක සභාවේ පළවෙනි දෙවෙනි හා තෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

සීනි බදු පිළිබඳ වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණ 13ක් තිබුණ අතර එයින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 16763ක ප්‍රමාණයක් යැයිද සීනි බද්ද සත 75කින් අඩු වුවද සීනි මිල ඒ හා සමානව අඩු නොවීම නිසා පාරිභෝගිකයින්ටත් විශාල පාඩුවක් සිදු වු බව මන්ත්‍රීවරයා කීය.

මෙම තත්ත්වය යටතේ සීනි ආනයනය 200% කින් පමණ වැඩි වුණ බවද විගණකාධිපති නිරීක්ෂණ 13ක් පදනම් කරගෙන අපරාධ විමර්ශන ඒකකයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපතිවරයා කෝපා කමිටුව හරහා දැනුම් දී තිබුණ බවද කබීර් හෂීම් මහතා පැවසීය.

පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන අතර පරීක්ෂණ වාර්තාව ලබා ගෙන එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *