ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10ක සහන කාලයක්; ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වසර 15ක කාල සීමාවක් ලබාදීමටත් පැරිස් සමාජය යෝජනා කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10ක සහන කාලයක් ලබා දීමටත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වසර 15ක කාල සීමාවක් ලබාදීමටත් පැරිස් සමාජය යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් පැරිස් සමාජය මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තාකර ඇත්තේ.

පැරිස් සමාජය පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත්කිරීමට මෙම යෝජනා ඉවහල්වනු ඇති බවයි. එහිදී ධනවත් රටවල් මෙන්ම දුප්පත් රටවල් ද මෙම ආර්ථික කප්පාදුව සමව දරාගත යුතුයි. ශ්‍රී ලංකාවට නැවත පණ දීමට ණය හිමියන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව යුරෝපා සමාජය වැඩිදුරටත් පෙන්වා දෙන බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තවදුරටත් වාර්තාකර ඇත්තේ. කෙසේ වුවද පැරිස් සමාජය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන චීනයට සහ ඉන්දියාවට මෙම යෝජනාව ඉදිරිපත් කර නැතැයි අදාළ පුවත්පත පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියද චීන රජය සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර නොතිබීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ එය සිදුකිරීම අසීරුවනු ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තවදුරටත් සදහන්කර ඇත්තේ. එම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තැබිය හැක්කේ මාර්තු මස පැවැත්වෙන රැස්වීමේදී බවද අදාළ පුවත්පත් වාර්තාවේ සදහන්.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි මාස තුන සඳහා ශ්‍රී ලංකාවට කෙටි කාලීන මූල්‍ය පහසුකම් අත්‍යවශ්‍ය වන බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *