මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික ආදායම ලක්ෂ 85යි; වියදම ලක්ෂ 1600ක්

මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික පාඩුව රු.බිලියන 3.2යි
මාසයකට ලක්ෂ 85ක ආදායමක් උපයන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික වියදම ලක්ෂ එක්දහස් හයසීයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා, රාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා විවාදයේදී (05) පැවසීය.
එම ගුවන්තොටුපොළ වෙනුවෙන් 2030 වෙනතුරු මාසයකට ලක්ෂ 2250 ගාණේ ණය ගෙවීමට ඇතැයිද ඔහු සඳහන් කළේය.