විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදු කර නැත – ශ්‍රී ලංකා මහ බැංකුව

වසරේ මුල් මාස 8ක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රු. කෝටි 123,600ක්

වසරේ මුල් මාස 8ක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රු. කෝටි 123,600ක්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදු කර නැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික විදෙස් ගත සේවා නියුක්තිකයින් එවන අදාළ විදේශිය මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිර යන ප්‍රචාර මුලුමනින්ම අසත්‍ය බවයි. මෙරටට එවන විදේශ විනිමය විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනිම හෝ රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

විදෙස්ගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව වෙනසකින් තොරව තවදුරටත් ලබා දෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *