මසකට පෝෂදායී ආහාර වේලක් ගැනීමට රු 100,000ක් අවශ්‍ය පවුලකටත් මෙවර අයවැයෙන් බදු ගසයි

හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රු 1,00,000ක් අවශ්‍යයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනෙවිය, 100000ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි කීය.