ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට 09වන ස්ථානය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට 09වන ස්ථානය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට 09වන ස්ථානය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව (30) පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

එහිදී සුපිරි හඹා යාමක් සිදුකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රසාද ලකුණු 10ත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77ක් ලබාගනිමින් මෙලෙස 09වන ස්ථානයේ රැඳී සිටී.

කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 08 අතරට තේරී පත්විමට නම් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ජයගතව යුතුව ඇත.

ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග තුනම ජය ගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *