ජනතා විරෝධතා මත අලි වැට ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් නවතා දමයි

අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර - විදුලිබල මණ්ඩලය
අලි වැට ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් ජනතා විරෝධතා මත නවතා දමා ඇති බව වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශය පවසනවා.
විදුලි අලිවැට ඉදිකිරීම්වලට ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් එම ව්‍යාපෘති 26ක් මෙසේ අත්හිටුවීමට සිදුව ඇති බවයි වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශය පවසන්නේ.
අලිමිනිස් ගැටුම උග්‍රව පවතින හම්බන්තොට, රත්නපුර, ත්‍රිකුණාමලය, මොණරාගල, වවුනියාව මන්නාරම, මුලතිව්, මඩකලපුව හා කුරුණෑගල දිස්ත්‍රික්ක මීට අයත්. ඒ අනුව කිලෝමීටර් 315ක දිගින් යුක්තව ඉදිකිරීමට නියමිතව තිබූ විදුලි අලිවැට මෙසේ අතරමග නවතා දමා තිබෙනවා.
මේ අතර ප්‍රතිපාදන හා උපකරණ නොමැතිකමින් තවත් ව්‍යාපෘති 52ක කටයුතුද අතරමග නවතා දමා ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ.