මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශයෙන් යුරෝ 500,000ක දායකත්වයක්

මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශයෙන් යුරෝ 500,000ක දායකත්වයක්

මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශයෙන් යුරෝ 500,000ක දායකත්වයක්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල(WFP) මගින් ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ක්‍රියාත්මකවන මන්දපෝෂණ අවදානම සහිත ළමුන්ට ආහාර ආධාර සැපයීමේ වැඩසටහනට ප්‍රංශය විසින් යුරෝ 500,000ක දායකත්වයක් ලබා දී ඇත. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 190ක් පමණ වේ.

වයස අවුරුදු 05ට අඩු දරුවන් පෝෂණය කිරීමට හැකිවනු පිණිස, ඉහළ මට්ටමේ ආහාර අනාරක්‍ෂිතභාවයට මුහුණ දෙන පවුල් 9,000කට පමණ මේ යටතේ පෝෂණීය ආහාර ලැබෙනු ඇත.

තෝරාගත් සෑම පවුලක් සඳහා පුරා වසරක් තුළ, සෑම දෙසතියකට වරක්ම බිත්තර, සහල්, නැවුම් එළකිරි, රතු පරිප්පු සහ අනෙකුත් ප්‍රෝටීන් බහුල ධාන්‍යවර්ග වලින් සමන්විත රුපියල් 15,000ක පමණ වටිනාකමකින් යුතු ආහාර මල්ලක් ලබා දෙයි.

මේවන විට ලක්‍ෂ 09කට ආසන්න පිරිසකට මුදල්, වවුචර්පත් සහ ඍජු ආහාර අධාර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට් මහතා සහ ශ්‍රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙලෙහි නියෝජිත මහ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ අබ්දූර් රහීම් සිද්ධිකී මහතා හමුවී මෙරට ආහාර සහ පෝෂණ සුරක්‍ෂිතතාවය වැඩිදියුණු කිරීමේ සැළසුම් පිළිබඳ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට් මහතා මෙහිදී කියා සිටියේ, වත්මන් අර්බුදකාරී අවස්ථාවේ දී ප්‍රංශය ශ්‍රී ලංකාවට සහයෝගීතාවයේ හස්තය දිගු කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *