චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව පාස්කු ප්‍රහාරයේ නඩුවට දින නියම වෙයි

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ලබන ජනවාරි මස 4වන දින සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (24) නියම කළේය.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව දින කැඳවනු ලැබීය. ඒ අනුව, සියලු සැකකරුවන් ලබන ජනවාරි මස 4වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
එදින සාක්ෂි ලබා දීම සඳහා පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන් වෙත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

එසේම, මෙම නඩුවේ නඩු භාණ්ඩ මේ වන විට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ පවතින බැවින් මීට පෙර එම අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත එම නඩු භාණ්ඩ මහාධිකරණය වෙතට යොමු කරන ලෙස දන්වා යවනු ලැබූවද මේ වන තෙක් එම නඩු භාණ්ඩ ලැබී නොමැති බැවින් මාසයක් ඇතුළත එම නඩු භාණ්ඩ මහාධිකරණය වෙතට යොමු කරන ලෙසට විනිසුරු මඩුල්ල මඩකලපු මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග නිකුත් කළේය.

එම නඩු භාණ්ඩ මහාධිකරණය වෙත යොමු කිරීමට නොහැකි නම් එයට හේතුව දන්වා එවන ලෙසට ද විනිසුරු මඩුල්ල මඩකලපු මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියම කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆ ර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *