ජයිකා හා එ.ජා. සංවිධානයෙන් ලැබුණු බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාර ගොවීන් 2900 දෙනෙකුට ලබා දෙයි

ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක් (22)වැනි දා, තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම සිදු කෙරිනි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, ආධාරයක් ලෙස එය ලබාදෙන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මොනරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල තෝරාගත් ගොවීන් ගොවීන් 2900 දෙනෙකුට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *