SriLankan ගුවන් සේවයට සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards සම්මාන උලෙළේදී සම්මානයක්

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards සම්මාන උලෙළේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට සම්මාන

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards සම්මාන උලෙළේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට සම්මාන

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards® සම්මාන උලෙළේදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort) සඳහා වූ සම්මානයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වැනි වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යෑමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන්වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මේ APEX Passenger Choice Awards® සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්™ දීම කරනු ලැබේ. APEX Passenger Choice Awards® හි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේදී ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මඟීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.

මේ සම්මානය හිමිවීම පාරිභෝගිකයන්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවෙසේ මෙන් හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී දීම වෙනුවෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක් කිරීමකි. ශ්‍රීලන්කන් ගුවන් සේවය මඟීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රතිනිර්මාණය කරයි. ගුවන් සමාගම මෑතකදී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂ්ම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *