නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු ගොවිපළවල් වැසී යාමේ අවදානමක්

නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු ගොවිපළවල් වැසී යාමේ අවදානමක්

නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු ගොවිපළවල් වැසී යාමේ අවදානමක්

අමුද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු ගොවිපොල වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ ගොවිපල හිමියන් පවසනවා. මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සදහා මැදිහත් වන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

කුකුළු කෑම මිල ඉහළ යාම, ඉන්ධන ගැටලු මෙන්ම සතුන්ට ලබා දෙන විටමින් ආදී සියලු ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවයි ගොවිපොල හිමියන් පෙන්වා දෙන්නේ. කුකුළු කෑම මිටියක මිල රුපියල් දහතුන් දහස දක්වා ඉහළ යාම හේතුවෙන් මෙම කර්මාන්තයේ රැදී සිටීම ද අපහසු බවයි ඔවුන් පවසන්නේ. රජය බිත්තර සදහා පාලන මිලක් පැනවීම තුළින් ද අපහසුතාවට පත්ව සිටින බව බිත්තර නිෂ්පාදකයින් පෙන්වා දෙනවා. මෙම තත්ත්වය අවම කිරීම සදහා මැදිහත්වන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *