ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයකින් 56දෙනෙක් මරුට: සිය ගණනකට තුවාල

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයකින් 56දෙනෙක් මරුට: සිය ගණනකට තුවාල

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයකින් 56දෙනෙක් මරුට: සිය ගණනකට තුවාල

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 56කට වැඩි පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රිච්ටර් මාපක 5.6ක් ලෙස සටහන් වී ඇති එම භූමිකම්පාව බටහිර ජාවාහි චියන්ජුර් නගරයට කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති බවය.

මෙම කම්පනය කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි ජකර්තා අගනුවරට ද දැනී ඇති අතර ඒත් සමග උස් ගොඩනැගිලිවල සිටි පුද්ගලයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පසු කම්පන ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *