100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් ඕමානයේ විකිණු මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ දී අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් ඕමානයේ විකිණු මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ දී අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් ඕමානයේ විකිණු මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ දී අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්(19) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශ වල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ, තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

අබුඩාබි, ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින්, දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන, එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා අලෙවි කර තිබේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර තිබේ.

මොහු ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් (19) අලුයම 12.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත් අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබේ.

එසේ අත් අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *