ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන 10ක් සහ පෞද්ගලික ආයතන 2ක්, රු. එක් කෝටි තිස් ලක්ෂයක පොල්ලක්

ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන 10ක් සහ පෞද්ගලික ආයතන 2ක්, රු. එක් කෝටි තිස් ලක්ෂයක පොල්ලක්

ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන 10ක් සහ පෞද්ගලික ආයතන 2ක්, රු. එක් කෝටි තිස් ලක්ෂයක පොල්ලක්

රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වර්ෂ තුනක කාලයක සිට මෙම මුදල අයකර ගෙන නැතැයිද එම වාර්තාවේ දැක්වේ. මේ ආදායම මුදල් රෙගුලාසි 128 (2) ප්‍රකාරව අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කළේය.

ගුවන් හමුදාවට ලැබිය යුතු හිඟ මුදල් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබියදීත් එම නියෝගයට පටහැනිව හිඟ මුදලින් රුපියල් 58 ලක්ෂයකට වැඩි මුදලක් රජයට සිදු වූ පාඩුවක් සේ සලකා කපා හැරීමට කටයුතු ආරම්භ කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *