2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 113.8ක අලාභයක්

2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 113.8ක අලාභයක්

2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 113.8ක අලාභයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ දී රු. බිලියන 113.8ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023‘ හි මේ බව සඳහන් වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳව වැඩිදුරටත් එහි මෙසේ සඳහන්ව ඇත.
“ශ්‍රීලංකන් ගුවන් සමාගම, 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු රු. බිලියන 170.4 ක ආදායමක් උපයා ඇති අතර, ප්‍රධාන වශයෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය, ගුවන් තොටුපොළ, ගමන් හා මගී පිරිවැය සහ විනිමය අලාභ ඉහළ යාම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන 284.2 සමස්ත වියදමක් දරන ලදී”.

මෙසේ මිල ඉහළ යාම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රු. බිලියන 113.8 ක මෙහෙයුම් අලාභයක් 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ වාර්තා කර ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අඛණ්ඩව දරන ලද සමුච්චිත පාඩු සැලකිල්ලට ගෙන එම සමාගම සතු රජයේ කොටස් අයිතිය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ සහාය ඇතිව, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *