විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු මියයයි

0
විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු මියයයි

විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු මියයයි

මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී විනෝදයට යතුරු පැදි ධාවනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුගේ එම යතුරුපැදි එකිනෙක ගැටීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමග කළුතර බණ්ඩාරගම මාර්ගයේ විනෝදයට යතුරුපැදි ධාවනය කර තිබේ. අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය හා වාද්දුව අරියගම යන ප්‍රදේශවල පදිංචි 18වන වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් සමග සිටි සෙසු තරුණයන් අනතුර සිදුවීමත් සමග පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි. බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි තරුණයන් දෙදෙනා මොරොන්තුඩුව පොලිසියේ නිලධාරීන් පැමිණ රෝහල්ගත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com