උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206ක භූමි ප්‍රමාණයක් බිමි බෝම්බවලින් නිදහස්

උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206ක භූමි ප්‍රමාණයක් බිමි බෝම්බවලින් නිදහස්

උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206ක භූමි ප්‍රමාණයක් බිමි බෝම්බවලින් නිදහස්

උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.

ඒ අනුව මේ වනවිට තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බවද එම ඒකකය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ බිම් බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය අත්සන් තබා ඇත. එම ප්‍රඥප්තියට අනුව 2027 ‍ජුනි මාසය වනවිට මෙරට බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කළ යුතුය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ කඩිනම් වැඩපිළිවෙල අනුව 2026 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවයි.

ජාතික බිම් වෙඩි පිළිබඳ ක්‍රියාකාරී මධ්‍යස්ථානය ආරම්භයේ සිට මේ දක්වා විවිධ අමාත්‍යංශයන් යටතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර වර්තමානයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකව පවතී.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කරන ලදි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ සඳහා සෘජු දායකත්වය ලබා දෙයි.

මේ වනවිට මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන දෙකක් හා දේශීය රාජ්‍ය නොවන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන දෙකක් කටයුතු කරනු ලබයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට රජය මූල්‍යාධාර ලබාදේ. ජාත්‍යන්තර ආධාර සපයනු ලබන ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන හතර සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5ක මුදලක් සපයනු ලැබේ.

මේ වනවිට පුද්ගල නාශක බිම් බෝම්බ 870,412ක් සොයාගෙන ඇති අතර යුධ ටැංකි නාශක බිම් බෝම්බ 2,169ක් සොයාගෙන තිබේ. එමෙන්ම පුපුරා නොගිය යුධ උපකරණ 365,403ක් සොයා ගෙන ඇති අතර පතරොම් හා තවත් කුඩා අවි1,184,823ක් සොයා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය සඳහන් කරයි.

මෙලෙස සොයා ගනු ලබන බිම් බොම්බ, පතරොම් හා අනෙකුත් යුධ උපකරණ සිවිල් ජනතාවගේ අතට පත්වීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් දෛනිකව පුපුරවා විනාශ කරනු ලැබේ.

බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියතුල උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පදිංචි සිවිල් පුද්ගලයන් 3000ට අධික පිරිසකට රැකියා අවස්ථා සැලසී ඇත. සමස්ථයක් වශයෙන් බිම් වෙඩි ඉවත්කිරීමේ ක්‍රියාවලිය තුලින් පුද්ගලයන් 12000කට අධික පිරිසකට ජීවනෝපාය සළසා ගැනීමට හැකියාව ලැබී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *