බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යයි – ජී 20 රාජ්‍ය නායකයින්

බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යයි - ජී 20 රාජ්‍ය නායකයින්

බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යයි - ජී 20 රාජ්‍ය නායකයින්

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව ජී 20 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබෙනවා.

ජී 20 සමුළුවට සහභාගී වී සිටින ලොව ප්‍රධාන පෙළේ රටවල නායකයින් මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටලුව පිළිබද ඊයේ අවධානය යොමු කළා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබදව චීනය සහ ජපානය ඇතුළු බහු ණය හිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව එහිදී එම රාජ්‍ය නායකයින් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව ඇතුළු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඇතුළු විවිධ රටවල් කර ඇති ඉල්ලීම්වලට බහු ණය හිමි රටවල් යහපත් ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ලොව ප්‍රධානතම ආර්ථිකයට හිමිකම් කියන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් ජී 20 සමුළුව මෙවර පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ බාලි නුවර කේන්ද්‍ර කරගනිමිනුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *