හැනෝයි සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය ශ්‍රී ලාංකික නළුවන් 7 දෙනෙකුට

0
ශ්‍රී ලාංකික නළුවන් 7කට හැනෝයි සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය

ශ්‍රී ලාංකික නළුවන් 7කට හැනෝයි සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය

වියට්නාමයේ හැනෝයි ජාත්‍යන්තර සිනමා උළලේ දී හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පින් 07 දෙනෙකු දිනා ගනු ලැබුවා.

වියට්නාමයේ දි 6වන වරටත් පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදියි මෙම රංගන ශිල්පින් සම්මානයට පාත්‍ර වුණේ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කල මාරියා චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන්. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දිසානායක යන රංගන ශිල්පිනුයි සම්මානය දිනා ගත්තේ. එමෙන්ම මෑතක දි ජිවිතයෙන් සමුගත් රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් ද එම රංගන ශිල්පින් 07 දෙනා අතරට එක්වසිටිම විශේෂත්වයක්.

හැනෝයි චිත්‍රපට උළෙල සදහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com