රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු, Kg 15,000ක පරව් වාද්දුව වෙරළෙන් හසුවෙයි

Kg 15,000ට ආසන්න, රුපියල් කෝටියක පරව් වාද්දුවේ හසුවෙයි

Kg 15,000ට ආසන්න, රුපියල් කෝටියක පරව් වාද්දුවේ හසුවෙයි

පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් (14) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇති බව ධීවරයින් පිරිසක් පැවසුවා.

(14) අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයෙන් ඈත මුහුදේ දැල එලා තිබී ඇති අතර යුද හමුදා සංචාරක හෝටලය පිටුපස වෙරළට මෙම මසුන් පිරී තිබූ දැල ගොඩගසා තිබු අයුරු දැකගත හැකි වූ බව සඳහන්.

කහ පරව්, තෙල් පරව් සහ කිරලාවන් මෙම දැලට පැටලී තිබෙන බව එම දැලේ පාලක සුසිල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් වාද්දුව තල්පිටිය වෙරලට පැමිණ සිටි අතර, දැලට හසුව ඇති මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට ආසන්න බව සදහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *