20 – 20 ලෝක කුසලානය එංගලන්තයට
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම (13) සමත් විය. ඒ, පකිස්තානය හමුවේ කඩුලු 5ක ජයක් හිමි කර ගනිමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 137ක් පමණි. ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5කට ලකුණු 138ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේය.
එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.
පාකිස්තානය – ඕවර 20 කදී කඩුලු 8ට 137 යි
එංගලන්තය – ඕවර 19 කදී කඩුලු 5ට 138 යි