“නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නෑ” – මුජිබුර් රහුමාන්


නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නෑ; ද්විත්ව පුරවැසියන් හඳුනා ගන්න කාරක සභාවක් පත්කරන්න - මුජිබර්
රටේ නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නඩු දිගින් දිගටම ඉල්ලා අස්කර ගත් බව කී මුජුබුර් රහුමාන් මහතා තමා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විස්තර වාර්තාවක් ඉල්ලූ බවත් දැන් මාස නවයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් එම වාර්තාව ලැබී නැතැයි සඳහන් කළේය.
රටේ ජනතාව නීතියේ සාධාරණත්වය බලාපොරොත්තු වන නීතිපති දෙපාර්තුමේන්තුව මෙලෙස කටයුතු කරනවා උදා වන තත්වය කුමක්දැයි මුජුබුර් රහුමාන් මහතා කීය.
පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පමණක් නොව විදේශිකයන් සිටින බවට කතාවක් තිබෙන්නේ යැයිද තේරීම් කාරක සභාවක් පත්කර පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි හඳුනා ගන්න කටයුතු කරන්නැයිද මුජුබුර් රහුමාන් මහතා ඉල්ලා සිටියේය.