වාකරේ කොළ පිපිඤ්ඤා වගාවෙන් ගත වූ මාස 10තුළ ඩො.මි 10.03ක ආදායමක්

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන අපනයනය ඉළක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙන මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට අවශ්‍ය ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීන් 500ක් විසින් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව සිදු කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබයි.

වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.

පසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.

වාකරේ ගොවීන් වගා කරන කොළ පිපිඤ්ඤා හේලිස් සමාගම විසින් මිලදී ගනු ලබන අතර ඒවා නව තාක්ෂණය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර වෙළෙදපොලට යවනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *