කෘමි නාශක හා වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට යයි

මහ කන්නයට කෘමි නාශක හා වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ

මහ කන්නයට කෘමි නාශක හා වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ

මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවි නියෝජිතයින් සහ කෘමිනාශක හා වල්නාශක බෙදා හරින සියලුම පෞද්ගලික සමාගම් සමඟ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකදී අදාල වැඩපිළිවෙලට එකඟත්වය පළ වී තිබෙි.

දැනට වෙළෙඳ පොළේ කෘමිනාශක හා වල් නාශක ඉතා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බැවින් එම තත්ත්වය වලක්වා ගොවීන්ට අවම මිලකට ඒවා මිල දී ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල් වලින් අත්පිට මුදලට පෞද්ගලික අංශයෙන් මිල දී ගෙන සමාගම්වලින් දෙන වට්ටම අනුව මිල අඩු කිරීමක් යටතේ ගොවි ජනතාවට ලබා දීමට නියමිතය බව අමාත්‍යාංශය පවසයි.

මෙි අනුව ගොවීන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක දිවයින පුරා ඇති ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන 566කින් මගින් මිල දී ගැනීමට හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

වල් නාශක හා කෘමිනාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමේ වැඩපිළිවෙළ සතියක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *