ගතවු මාස දහයට ඩෙංගු රෝගීන් 51,000 ඉක්මවයි

වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901ක්
මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ඩෙංගු රෝගීන් 51,259 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එම කාලය ඇතුළත වාර්තා වූ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව 4,633කි. පසුගිය මාසයේ ඩෙංගු රෝගීන් 2,305 දෙනෙකු වාර්තා වූ අතර, මී උණ රෝගීන් සංඛ්‍යාව 373කි.
ගෙවී ගිය මාස 10 ඇතුළතදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවත් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 10,595කි. මී උණ රෝගීන් 871කි.
2021 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25,067ක් වන අතර, මී උණ රෝගීන් සංඛ්‍යාව 6,916ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.