එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි වන්දිය තවමත් නොලැබීම නිසා සිංගප්පූරු අධිකරණයේ නඩු පැවැරීමට යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට තීරණයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට තීරණයක්

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට ගණනය කළ නොහැකි හානියක් සිදු වුවද, එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීමට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

යම් සීමාවකින් අදාළ වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ වෙත ඉකුත්දා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර, වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉහත උපදෙස් අධිකරණ අමාත්‍යවරයා වෙත ලබාදී ඇත. සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදි ඇමැතිවරයාට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *