විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට කඩිනමි පියවර

විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට කඩිනමි පියවර

විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට කඩිනමි පියවර

අදාළ චක්‍රලේඛයට අනුව ශ්‍රී ලාංකිකයා විවාහ වීමට සුදානම් වන විදේශිකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වූ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත යුතු වේ. ඊට අමතරව අපරාධමය වරදකට සම්බන්ධ වී නොමැති බවට ආරක්ෂක වාර්තාවක් ලබා ගැනීම ද අනිවාර්ය වී තිබුණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත්තේ, එම සීමා ලිහිල් කරන ලෙසයි.

මේ අනුව ඊට ගත හැකි විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වනවිට දැනුම් දී ඇතැයි රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුව පැවසීය.

රෙජිස්ට්‍රාල් ජනරාල් පි.එස්.පි. අබේවර්ධන මහතා සඳහන් කළේ, එම සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇති බවයි. ඉතා කඩිනමින් අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.

රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය අහෝසි වනු ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *