කටාර් රාජ්‍යයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රු. මි 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

කටාර් රාජ්‍යයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රු. මි 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

කටාර් රාජ්‍යයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රු. මි 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් (01) පරිත්‍යාග කර තිබෙනවා.

එම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

හදිසි සත්කාර ඒකක ඇඳන්, operating table, x-ray portable, ventilators, Liner Flovac 1 L , infusion pump, blood fluid warmer ,male connector for flovac line , hand held doppler portable fire, bed side cabinet ආදි උපකරණ තොගයක් ඒ අතර වනවා.

මෙහිදී අදහස් ශ්‍රී ලංකාවේ කටාර් තානාපති Jassim Jaber Al Sorour මහතා: “එන්නත්කරණය සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාව කොවිඩ් ව්‍යසනය ජය ගත් ආකාරයෙන්ම මෙම අභියෝගයන්ද ජයග්‍රහණය කිරීමට හැකිවේවි. ලෝකයම එකම පවුලක් ලෙස අපි මේ අවස්ථාවේදී හැකි පමණින් උදව් උපකාර කරනවා. දැනටමත් දෙරට අතර විශාල වශයෙන් සම්බන්ධතා ගොඩනැගෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා පුරවැසියන් විශාල වශයෙන් අප රටේ සේවය කරනවා. තවත් රැකියා අවස්ථා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *