දිනකට පියයුරු පිළිකා රෝගීන් 12ක්; වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 30,000ක් – ජාතික පිළිකා මර්දන වැඩසටහන

දිනකට පියයුරු පිළිකා රෝගීන් 12ක්; වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 30,000ක් - ජාතික පිළිකා මර්දන වැඩසටහන

දිනකට පියයුරු පිළිකා රෝගීන් 12ක්; වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 30,000ක් - ජාතික පිළිකා මර්දන වැඩසටහන

පියයුරු පිළිකා රෝගීන් 12ක් දිනකට වාර්තා වන බවට සමීක්ෂණ වාර්තාවන්ගෙන් හෙළිව ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 30,000ක් වාර්තා වන බවත් කාන්තාවන් අතුරින් බහුලව වාර්තා වන පිළිකා රෝගය වනුයේ පියයුරු පිළිකා රෝගය බවත් එම වැඩසටහන ප්‍රකාශ කරයි. වයසත් සමඟ පියයුරු පිළිකා වැලඳෙන අවදානම ඉහළ යන අතර වාර්තා වන පියයුරු පිළිකා රෝගීන්ගෙන් සියයට 80ක් පමණ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ය. පරම්පරාගතව පවතින පිළිකා, වයස්ගත වීම, වෙනත් පාරිසරික හේතු යනාදී කාරණා හේතුවෙන් පිළිකා රෝගය වැලඳෙයි.

කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගය වැලඳීම පිරිමින්ට වඩා සිය ගුණයකින් ඉහළය. ස්වයං පියයුරු පරීක්ෂාව, මැමෝග්‍රැෆි පරීක්ෂාව යනාදියෙන් පිළිකාව කලින්ම හඳුනාගෙන ප්‍රතිකාර ගෙන සුව කර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *