ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට යයි
ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට ප්‍රමාද ගාස්තුවක් ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අය කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
මේ අනුව ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් 2.5%ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරෙනු ඇත. මෙතෙක් ප්‍රමාද ගාස්තු අය කෙරුණේ සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් පමණි. ඔවුන්ගෙන් අය කෙරුණේද 2.5%ක ප්‍රමාද ගාස්තුවකි.
රජයේ ආයතන රාශියක් සිය ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරමින් සිටින බැවින්, රජයේ ආයතන වලින් ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත.