ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට යයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක්

ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට ප්‍රමාද ගාස්තුවක් ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අය කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින්  2.5%ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරෙනු ඇත. මෙතෙක් ප්‍රමාද ගාස්තු අය කෙරුණේ සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් පමණි. ඔවුන්ගෙන් අය කෙරුණේද  2.5%ක ප්‍රමාද ගාස්තුවකි.

රජයේ ආයතන රාශියක් සිය ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරමින් සිටින බැවින්, රජයේ ආයතන වලින් ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *