දකුණු කොරියාවේ Halloween සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවයි

දකුණු කොරියාවේ හැලොවීන් සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවයි

දකුණු කොරියාවේ හැලොවීන් සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු 27 හැවිරිදි තරුණයෙකු බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේ.

තවත් ශ්‍රී ලාංකිකයින් මියගොස් හෝ තුවාල ලබා ඇතිදැයි සොයා බැලීම සඳහා දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු කොරියාවේ සොල් අගනුවර ඊටේවන් හි පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වු තෙරපීමකින් පුද්ගලයින් 151ක් දෙනෙකු ජිවිතක්ෂයට පත් වුනා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ පසුවන තරුණයින් වනවා. එමෙන්ම මිය ගිය පිරිස අතර විදේශකයින් 19 දෙනෙකු සිටින බවද මේ වන විට තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. හැලෝවීන් උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීමෙන් හටගත් තෙරපීමෙන් එහි සිටි පිරිසට හුස්ම ගැනීමේ අපහසුතා හට ගැනීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

එමෙන්ම කොවිඩ් වසංගතයෙන් පසුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය වන්නේද මෙයයි. මෙම උත්සවය සැමරීම සඳහා ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව සිටියා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යොල් අද සිට නොවැම්බර් 5වනදා දක්වා ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියා ජනාධිපතිවරයා සිද්ධිය සිදුවූ ස්ථානය නැරඹීමටද එක් වුණා. ඔහු විපතට පත්වූවන්ගේ පවුල්වලට ශෝකය පළ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි ඒරට වාර්ථා සදහන් කලේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *