දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට; දුරකතන සමාගම් අවසරයකින් තොරව ගාස්තු වැඩි කර ඇතැයි TRC කියයි

දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට; දුරකතන සමාගම් අවසරයකින් තොරව ගාස්තු වැඩි කර ඇතැයි TRC කියයි

දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට; දුරකතන සමාගම් අවසරයකින් තොරව ගාස්තු වැඩි කර ඇතැයි TRC කියයි

(05) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බවය විදුලි සංදේශ සමාගම් පවසයි. නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව එම සමාගම් සඳහන් කර තිබේ.

ඒ අනුව සියලුම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා 2.5%ක එම නව බදු ප්‍රතිශතය එකතු කිරීමට නියමිත අතර ඊට අදාළව ගාස්තුද සංශෝධනය කර ඇත.

ඒ ඒ සමාගම් විසින් අය කරනු ලබන නව ගාස්තු පහතින් දැක්වේ.

Dialog – https://dlg.dialog.lk/revision
Mobitel – https://www.mobitel.lk/Price-Revisions-October-2022
Airtel – https://www.airtel.lk/price-change/
Hutch – https://hutch.lk/price-revision/

විදුලි සංදේශ සමාගම් විසින් සිදු කරන ලද දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව සිදු කර ඇතැයි එම සභාව පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ සමාගම් මෙතෙක් එවැනි මිල සංශෝධනයක් සඳහා ඉල්ලුම් කිරීමක් පවා සිදු කර නොමැති බවය. දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කළ බවට එම සමාගම්වලින් තමන් වෙතද කෙටි පණිවිඩ ලැබුණු බව ඔහු පැවසීය.

ඒ අනුව, එම සමාගම් වෙත ලිපි යොමු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව හඳපාන්ගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් (05) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බවට විදුලි සංදේශ සමාගම් සඳහන් කර තිබේ.

ඒ අනුව සියලුම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා 2.5%ක එම නව බදු ප්‍රතිශතය එකතු කර ඇති අතර ඊට අදාළව ගාස්තුද සංශෝධනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *