“ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන්න බෑ” – සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය

ත්‍රී රෝද රථ ගාස්තු අඩු කරන්න නම් ඉන්ධන කෝටාව ලීටර 30ක් කළ යුතුයි - ත්‍රි රෝද රථ සංගම්

ත්‍රී රෝද රථ ගාස්තු අඩු කරන්න නම් ඉන්ධන කෝටාව ලීටර 30ක් කළ යුතුයි - ත්‍රි රෝද රථ සංගම්

පෙට්‍රල් මිල පහත දැමුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, රජය ත්‍රිරෝද රථ සඳහා නිකුත් කර ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ලලිත් ධර්මසේකර මහතා මෙසේ පැවසීය.

“අපිට කුලී මගී ත්‍රිරෝද සේවාවේ යෙදීම සඳහා අවම වශයෙන් දිනකට ලීටර 5ක් සතියකට ලීටර 30ක් කියන ඉල්ලීම අපට ලබා දෙන්න. ඒ අනුව අපට පුළුවන් වාසි දායක ලාභදායී සේවාවක් සපයන්න. රුපියල් 40ක් අඩු කිරීම තුළ අපිට කිසිම ගාස්තු සංශෝධනයකට යන්න බැහැ. හේතුව අපිට රස්සාව කරන්න පෙට්‍රල් ටිකවත් නැහැ.”

කෙසේ නමුත් ඩීසල් මිල අඩු වූයේ නම්, අද දිනයේදී බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් තිබූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසයි.

“පොදු ජනතාව ගරන හිතන්නේ නැති ආණ්ඩුව අද පෙට්‍රල් අඩු කරලා පෞද්ගලික කාර් රථයට වෑන් රථයට සහන දීලා තියෙනවා,” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබිණි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *