අමෙරිකාවෙන් රු.මිලියන 4,600ක් (ඩො.මිලියන 12ක්) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට ලබාදීමට පියවර

අමෙරිකාවෙන් රු.මිලියන 4,600ක් (ඩො.මිලියන 12ක්) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට ලබාදීමට පියවර

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4,600ක් (ඩොලර් මිලියන 12ක්) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ අමෙරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමග එක්ව මෙම ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවය.

මේ වන විට අවස්ථා 3කදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඖෂධ තොග එවා ඇති අතර එහි අවසන් ඖෂධ තොගය හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රජය වෙත (02) පිරිනැමීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබා ගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමග ඉදිරියටත් කටයුතු කරන බව ත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කර තිබේ.

ඩොලර් මිලියන 9.131ක ඖෂධ තොගයක් පසුගිය ජූලි මාසයේදී ද සැප්තැම්බර් මාසයේදී ඇ.ඩො. 773,000 ඉක්ම වන ආධාර එවා ඇති අතර ඔක්තෝබර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට එවීමට නියමිත ආධාර තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 1.74කට වඩා අධික බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *