විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සඳහා ඇ.ඩොලර් ලක්ෂ 16ක්

විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සඳහා ඇ.ඩොලර් ලක්ෂ 16ක්

විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සඳහා ඇ.ඩොලර් ලක්ෂ 16ක්

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 16ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටියි. පවතින විනිමය අනුපාතයට අනුව ඩොලරය, ශ්‍රී ලංකා රුපියල් 355.47ක් ලෙස සැලකීමේදී එම මුදල රුපියල් 56,87,52,000ක් පමණ වේ.

තරගාවලියේ අනු ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිත අතර එය රුපියල් කෝටි විසි අටහමාරක් (28,50,00,000ක්) පමණ වනු ඇත. අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක බැගින් පිරිනැමෙන අතර එය රුපියල් කෝටි 14ක් ඉක්මවයි.

ඔක්තෝබර් මස 16වැනිදා සිට නොවැම්බර් මස 13වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7කදී පැවැත්වෙන මෙම තරගාවලියට තරග 45ක් ඇතුළත් වේ. මූලික වටයේදී මෙන්ම සුපිරි 12 දෙනාගේ වටයේදීද කණ්ඩායමක් ලබාගන්නා ජයග්‍රහණයක් වෙනුවෙන් ඔවුන්ට ඇමරිකානු ඩොලර් 40,000ක මුදලක් පිරිනැමෙනු ඇත.

ඊට අමතරව සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වන කණ්ඩායම් 8ට ඇමරිකානු ඩොලර් 70,000 බැගින්ද, මූලික වටයෙන්ම ඉවත්වන කණ්ඩායම් 4ට ඇමරිකානු ඩොලර් 40,000 බැගින්ද පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේදී කණ්ඩායම් අතර බෙදා දීමට නියමිත මුලු මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 56කි.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය, නැමීබියාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලික වටයේ සිට තරගාවලියට සහභාගි වන අතර ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය සුපිරි 12 දෙනාගේ වටයේ සිට තරගාවලියට එක්වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *