මහජන පීඩාවක් ඇති කරන චෝදනාවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි

මහජන පීඩාවක් ඇති කරන චෝදනාවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි

මහජන පීඩාවක් ඇති කරන චෝදනාවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි

පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමයේහි අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලබන ඔක්තෝම්බර් 31වැනිදා අධිකරණයේ පෙනී සිටින සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා(28) නොතීසි නිකුත් කළේය.

මෙම නොතීසිය පිස්කල් මාර්ගයෙන් ධම්මාලෝක හිමියන්ට ලබා දෙන ලෙසටද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළ නඩුව(27) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නොතීසිය නිකුත් කෙරිණී.

ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිටවන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මානසික සහ සෞඛ්‍යයට ඇතිවන අහිතකර පීඩාව මැඩ පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ඇලන් මැතිණීයාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 2016 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මෙම නඩුව පවරනු ලැබ තිබිණී.

ගවින්ද ජයසිංහ, ඩිරේන් ආර්. ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුම, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ කමලේෂ් ජෝර්ජ් පිලෛ යන පැමිනිලිකරුවන් විසින් මෙම පැමිනිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එම ඉල්ලීම සිදුකර ඇත.

තමන් කොළඹ 05 ඇලන් මැතිණීයාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිනිලිකරුවන් සිය පැමිනිල්ලේ දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *