kg 1ක් බරැති රන් බිස්කට් 08ක් සමග ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට

රු.කෝටි 2ක් පමණ වටිනා kg 1ක් බරැති රන් බිස්කට් 08ක් සමග ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝග්‍රෑම් 1ක් බරැති රන් බිස්කට් 08ක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සිට දිවයිනට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු මෙම රත්‍රං රැගෙන විත් තිබෙනවා. ඔහු කටුනායක ගුවන්තොටුපලේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී මේවා ආරක්ෂක නිලධාරියාට ලබා දෙන්නට ඇති බවයි රේගු නිලධාරීන් සැක පල කරන්නේ. මෙම ආරක්ෂක නිලධාරියා රන් බිස්කට් තොගය තම සාක්කුවේ සඟවාගෙන ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසුකරගෙන යාමට උත්සාහ දරමින් සිටියදීයී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගැනුනේ. මොහු කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙක්.