බොරතෙල් චෝදනාවට PUCSL සභාපතිට එරෙහිව තෙල් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි

බොරතෙල් චෝදනාවට PUCSL සභාපතිට එරෙහිව තෙල් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි

බොරතෙල් චෝදනාවට PUCSL සභාපතිට එරෙහිව තෙල් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි

මෙරටට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි.

විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඩීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බවද අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බෙරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *