ගතවූ මාස 15ක කාලය තුළදී STF සිදුකළ වැටලීම් 12,879කදී පුද්ගලයන් 13,774 දෙනෙකු අත්අඩංගුවට


පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම්
ගතවූ මාස 15ක කාලය තුළදී පොලිස් විශේෂ කාර්ය බළකාය රට පුරා සිදුකළ වැටලීම් 12,879කදී පුද්ගලයන් 13,774 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. ඒ අතර ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය වැටලීම් 996කදී සැකකරුවන් 655ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවි 876ක් සහ ජීව අත්බෝම්බ 171ක් සමඟිනි.
මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් 4,445ක් සිදුකොට සැකකරුවන් 4,109 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 197ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 40ක්ද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මත්පැන් වැටලීම්ද 1,737ක් සිදුකොට සැකකරුවන් 1,752ක්ද වැලි, දැව ජාවාරම්, මැණික් ගැරීම්, වල්ලපට්ටා ඇතුළු පරිසර දූෂණය පිළිබඳ වැටලීම් 4,306ක් සිදුකොට ඇත.